(පී.එම්. රාජපක්ෂ)
මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය මහා නායක මා හිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා මාලිගාවේ අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට පරිත්‍යාග කිරීම අද (28) ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුකරන ලදී.
දියවඩන නිලමේ වරයා විසින් ඊට අදාල චෙක්පත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පිරිනමන ලදී.
අද පෙරවරුවේ මහනුවරට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගත්තේය.
ජායාරූප - ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අංශය



