කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික සරසවියක් පිහිටුවීමට චීනයෙන් සහය


( තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහය ලබා දීමට චීනය එකඟ වූ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මෙම එකඟතාව පල වී ඇත්තේ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඉකුත් 19 වැනිදා චීනයේ හුබෙයි පළාතේ වුහාන් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදීය.

වූහාන්, විශ්වවිද්‍යාලයේ උප සභාපතිවරයාගේ සහ චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රියල් කෝපරේෂන් ආයතනයේ ආරාධනයකට අනුව, තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වුහාන් විශ්වවිද්‍යාලයට ගිය අතර එහිදී උප සභාපති යෙකින් ෂු මහතාගේ නායකත්වයෙන් යුත් අන්තර්ක්ෂේත්‍ර විශ්වවිද්‍යාල කණ්ඩායම ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සදහා පූර්ණ සහය ලබා දීමට එකග වර්‍ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

පසුව හුබෙයි පළාතේ ආණ්ඩුකාර ෂොංලින් වැන්ග් සමඟ පැවති විධිමත් රැස්වීමක දී ද මේ සඳහා ඒ මහතාගේ අනුමැතිය ලබාදෙනු ලැබූ බවද චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.