කෘත්‍රිම රා නිපදවන්නකුට දෙපාර්තමේන්තුවේ සහාය


(රංජන් කස්තුරි)

කෘත්‍රීම රා නිපදවනු ලබන පුද්ගලයකුට සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පස් දෙනකු සහය ලබා දී ඇතැයි  කියන චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව  සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජේ. ගුණසිරි මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අදාල අංශවලින් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම කරුණු අනුව ඉදිරි පියවර ගන්නා බව ද ජනරාල්වරයා කියයි.

එවැන්නක් සිදුව ඇත්නම්  එය නරක තත්ත්වයකැයි ද  චෝදනාව අසත්‍ය නම් සුරාබදු  දෙපාර්තමේන්තුවට හා නිලධාරීන්ට ඉන් විශාල හානියක් සිදුවන බව ද සුරාබදු කොමසිරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

පලාලි  ප්‍රදේශයේ කෘතිම රා නිපදවන්නකුට  සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පස් දෙනකුගේ සහාය ලබාදී අති බවත් එම කෘත්‍රිම රා නිපදවන්නා  ඒ බව සඳහන් කරමින්  2019 වසරේ  එවකට සිටි සුරාබදු  කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක්  එවා ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.