(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුවේට්හි ගෘහ සේවිකාවක ලෙස සේවය කළ බිරිඳ ඇය සේවය කළ නිවෙසේ හිමිකරු වන අසූ හැවිරිදි පුද්ගලයාද කැඳවාගෙන පැමිණ නිවෙසේ නවාතැන් ලබා දීම ගැන හටගත් ආරවුලක් දුර දිග යෑමෙන් සැමියා අද අලුයම නිවෙසට ගිනි තබන ලදැයි කියන සිද්ධියකින් බිරිඳ ,එම කුවේට් ජාතිකයා සහ 76 හැවිරිදි පුද්ගලයකු පිළිස්සුම් තුවාල ලබා බිබිල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව බිබිල පොලිසිය පවසයි.
නිවෙසට ගිනි තැබූ බව කියන පුද්ගලයා ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම පුද්ගලයා මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක රියදුරකු බව පොලිසිය කියයි.
බිබිල පොලිසියේ නිලධාරී කණ්ඩායමක් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් නිවෙසට සහ එහි තිබූ බඩු මුට්ටුවලට දැඩි ලෙස හානි සිදුවී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

