
(ටී.කේ.ජී.කපිල)
කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ වැඩසටහක් පැවැත්විණි.
තානාපති කාර්යාලයේ සහ එහි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් පිහිටුවා ගත් " අපි ශ්‍රී ලාංකිකයෝ " සංවිධානයේ , සංවිධායකත්වයෙන් පොසොන් උත්සවය දෙදිනක් පුරා පැවැත්විණි.
මෙම උත්සවයට කුවේට් රාජ්‍යයේ රැකියාවල සහ එරට ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ .
ශ්‍රී ලංකාවෙන් වැඩම කළ සිල් මාතාවක් විසින් සුමදුර ධර්ම දේශනයක් පැවැත්වූ අතර 16 වැනි දා ශීල සමාදානයක් දවස පුරා පැවැත්වුනි .
මෙම දින දෙක තුළම බත් සහ අයිස් ක්‍රීම් දන්සැලක් පැවැත්වූ අතර , " අපණ්නක ජාතකය " නිරූපනය කෙරෙන දර්ශනීය තොරණක් ද එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සකස් කර තිබුණි .







