(දිනේෂ් උපේන්ද්‍ර)
වැටුප් විෂමතාවය ඇතුලුව ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ ගුරුවරු පිරිසක් කුලියාපිටිය නගරයේ පෙළපාලි යමින් පැය දෙකක පමණ කාලයක් විරෝධතාවක නිරත වූහ.
දෙදහසක් ඉක්මවූ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් එම උද්ඝෝෂණයට එක්ව සිටි අතර රටපුරා මේ වෙනුවෙන් පැවැත්වෙන උද්ඝෝෂණ රැල්ලෙ දිගුවක් ලෙසින් මෙම උද්ඝෝෂණය පවත්වන බවද ගුරුසංගම් සාමාජිකයෝ පැවසූහ.
වසර විසි හතරක් පුරාවට ගුරුවරුන් පෙළන වැටුප් විෂමතාව වහා විසඳීමට කටයුතු නොකළහොත් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සිය දහස් ගුණයකින් පවත්වාහෝ තම ඉල්ලීම් දිනාගන්නා බව උද්ඝෝෂකයෝ කීහ.