ඉන්දිකා රාමනායක
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කුලියාපිටිය ප‍්‍රදේශයේ සම්බන්ධීකාරක අද (29) බස්නාහිර බුද්ධි කොට්ඨාසය හා දුම්මලසුරිය පොලිසිය එක්ව ඇතුන්ගහකොටුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත දුම්මලසුරිය පොලිසිය එක්ව සැකකරුගේ නිවස සෝදිකර ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මොහු 2015 වසරේ සිට ජාතික තව්හිත් ජමාත් සංවිධානය සමඟ කටයුතු කර ඇති බවත් තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂිම් නැමැත්තා සහ ඔහුගේ සොහොයුරා සැකකරුගේ ඇතුන්ගහකොටුවේ නිවසට පැමිණ ප‍්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් දේශන පවත්වා ඇති බවට තොරතුරු හෙළි වු බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
සැකකරු මවුලවිවරයකු බවත් ඔහුගේ නිවසේ පල්ලියක් පවත්වාගෙන යමින් සංවිධානය සම්බන්ධයෙන් දේශන පැවැත්වීම සඳහා ජුම්මා යාඥා පවත්වා ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
සැකකරු (47) හැවිරිදි දෙදරු පියෙකි. දුම්මලසුරිය පොලිසිය සැකකරුගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කරමින් පසුවෙයි.

