
(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය අධිකරණය මගින් පාලනය වන රැඳවුම් ළමා නිවාසයේ දැරියන් 36 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිළධාරීන් එම පරිශ්‍රයට ගොස් රෝග ලක්‍ෂණ සහිත දැරියන් 46 දෙනකු වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාව අනුව එසේ 36 දෙනකු ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබිණ.
උණ රෝගය වැළඳී තිබූ දැරියන් 7 දෙනකු කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල පරිශ්‍රයේ පැවති පරීක්‍ෂාවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සියලුම දැරියන් ආසාධිතයන් ලෙස හඳුනාගැනීමෙන් පසු ඇන්ටිජන් පරීක්‍ෂාවකට ලක්කර ඇත.
කෙසේ වෙතත් කොරෝනා වයිරසය ළමානිවාසය තුළට කෙසේ පැමිණ ඇත්දැයි සොයා මේ වනවිටත් පරීක්‍ෂණ පවත්වයි.

