කුලි වෑන් රියැදුරා හොර සල්ලි සමග අල්ලයි


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ ගයාන් සූරියආරච්චි)

රුපිියල් 11500 ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සන්තකයේ තබාගෙන සිටි කුලී වෑන් රථ රියදුරකු  නල්ලතන්නිය නඟරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වලස්මුලේ (45) හැවිරිදි කුලී වෑන්රථ රියදුරෙකි.

නීති විරෝධී මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන්නන් යුක්තිය මෙහෙයුම යටතේ පරීක්ෂා කිරීමේදී සැකකරු මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය  සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවත්, එම ව්‍යාජ  මුදල් නෝට්ටු අතර රුපියල් 1000  නෝට්ටු 11 ක් හා රුපියල් 500 එක් නෝට්ටුවක් තිබුණු බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ශාන්ත වීර්සේකර මහතා කීවේය.

සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ සිට ශ්‍රීපාදය බලා  වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණ ඇති අයෙකි.