කුරුණෑගල වැඩ බලන නගරාධිපති වැඩබාරගනී


(පුෂ්පකුමාර ජයරත්න සහ කුරුණෑගල ජයන්ත දිසානායක) 

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩුව පවතින නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරන ලද සුමිත් කුමාර උඩවාසලගේ මහතා වෙත ඊට අදාළ පත්වීම් ලිපිය වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අතින් අද (23 ) ලබාගත්තේය.

නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරන ලද උඩවාසලගේ මහතා කුරුණෑගල නියෝජ්යත නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.

  මේ අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් අයි.එම්.ඉලංකෝන්  , කුරුණෑගල නාගරික කොමසාරිස් ඒ.බී.සී.ආලෝක බණ්ඩාර, වයඹ පළාත් පාලන කොමසාරිස් එස්.එච්.කේ.ජයලත් මහත්වරු සමඟ නාගරික මන්ත්රී,වරු පිරිසක්ද සහභාගි වූහ.