(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවකු සහ ඔහු බැලීමට පොලිසියට පැමිණි බිරිඳ ,කුඩා දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ දසදෙනකුගේ කුසගින්න නිවා දැමීමට කුරුණෑගල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ කුරුණෑගල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක් කටයුතු කළේය.
ඒ ඔවුන්ගේ දහවල් ආහාරය සඳහා පිළියෙල ආ ආහාර ලබා දී ඔවුන් සියළු දෙනාගේ කුසගින්න නිවා දැමීමේනි.
මාවතගම පොලිස් වසමේ පදිංචි පුද්ගලයකු කසිප්පු විකිනීම ආරම්භ කළ මුල් දිනයේදීම මීට මාස 8කට පමණ ඉහතදී පොලිසියට කොටුවී ඇත.
මෙම නඩුව සඳහා ඉදිරිපත් නොවීම නිසා අධිකරණය මගින් මොහුට වරෙන්තු නිකුත් කර තිබිණි යැයි පොලීසිය කියයි.
අධිකරණයේ දී මෙම පුද්ගලයා ඔහුට නියම කළ දඩ මුදලින් කොටසක් ගෙවා දමා ඇතත් ඉතිරි කොටස ගෙවා දැමීමට නොහැකිව අධිකරණය මඟහරිමින් සිටියදී වරෙන්තු නිකුත් කර තිබිණියයිද පොලිසිය සඳහන් කරයි.
කසිප්පු විකිණීම ආරම්භ කළ දිනයේ ම මොහු පොලිසියට කොටු වීම නිසා කසිප්පු විකිනීම නතර කර දමා කුලී වැඩ කර බිරිඳ සහ කුඩාදරු දෙදෙනා ඇතුළු පවුලේ අය නඩත්තු කර ඇතැයි කියති.
මෙම වරෙන්තුකරු ගේ සහෝදරියගේ සැමියා අතහැර ගොස් සිටි නිසා ඇය සහ ඇගේ කුඩා දරු දෙදෙනාද රැකබලා ගෙන ඇතැයි කියන්නේ මොහු ය.
මීට අමතරව බිරිඳගේ මව ඇතුළු වරෙන්තුකරුගේ බාල සහෝදරයාද ජීවත් කර ඇත්තේ මෙම වරෙන්තුකරු යැයි පොලීසිය කියයි.

