( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ප‍්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක‍්‍රමිකතා සිදුවූ බවට කරන විමර්ශන වලට අදාළව තමා අත්අඩංගුවට ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 05 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.
මෙම පෙත්සම ඊවා වනසුන්දර සහ විජිත් මළල්ගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (15) කැඳවූ අතර එහිදී පෙත්සම ෂලකා බැලීම මෙදිනට කල් තැබිණි.
ප‍්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාට චෝදනා එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වන ලදී.
හිටපු ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානධිපති , නීතිපති ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ සිටිති.
මොටර් රථ අමතර කොටස් ගෙන්වීමේදී අක‍්‍රමිකතාවයක් සිදුවන ලදැයි සඳහන් කරමින් ඒ පිළිබඳව තමන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් බී වාර්තා 3 ක් අධිකරණයට ඉදිරිප්ත කර ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
මෙම චෝදනා සම්පූර්ණ අසත්‍යයක් වන බවත්, මේ නිසා තමන් කිසියම් මොහොතක අත්අඩංගුවට ගැනීමේ ඉඩක් ඇතැයි ද පෙත්සමේ සඳහන්වේ.
එබැවින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බැව් ප‍්‍රකාශ කරන ලෙසද, තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර ප‍්‍රවාහන අමාත්‍යවරයා පෙත්සමේ සඳහන් කර ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ නලීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතීඥ ගාමීණී මාරපන මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.