
(විමුක්ති එස් රුද්‍රිගු)
25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා බාලදක්ෂයන් කුණාටුවක අවදානමක් ඇති නිසා එම ජම්බෝරිය පැවැත්වෙන ස්ථානයෙන් ආරක්ෂිත ස්ථානයකට අද රැගෙන ගිය බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ඛානුන් සුළි කුණාටුව හෙට (09) බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රදේශය හරහා ගමන් කිරීමට නියමිතව තිබෙන නිසා එම තීරණය ගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.
බාල දක්ෂ කණ්ඩායම සෝල් නගරයට නුදුරින් පිහිටි දන්ග්කුක් විශ්ව විද්‍යාලය වෙත ආරක්ෂිතව රැගෙන ගිය බවත් බාල දක්ෂ කණ්ඩායම නිරෝගී සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

