කුඩු ග්‍රෑම් 14 ක් සන්තකයේ තබා ගත් අයෙකුට මරණ දඩුවම


 

 

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

හෙරොයින් ග්‍රෑම් 14.76 ක් ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ විත්තකරුවෙකුට මහාධිකරණ විනිසුරු  ධම්මික ගනේපොළ මහතා අද (25) මරණ දඬුවම නියම කළේය.

 

මෙලෙස මරණ දඬුවම නියම වූ මරදාන ප්‍රදේශයේ පදිංචිකරුයෙකු වූ තුවාන් නිසාම් සහාබ්ඩීන් සාමත් නැමැත්තාට එරෙහිවය.

 

2012 වසරේ නොවැම්බර් 10 වැනිදා මරදාන ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙරොයින්ද සමග විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

 

ඉන්පසුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නගා ඇති අධි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බව තීන්දු කළ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා විත්තිකරුට මරණ දඬුවම නියම කළේය.