
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
"පෙති ගහන" කුඩු ගහන, අයිස් ගහන රියැදුරන් බීමත් රියැදුරන්ටත් වඩා භයානක තත්ත්වයක් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටක සන්නිවේදනය ප්‍රවාහනය ආදිය දියුණු වෙනවා නම් ඒ රටේ අනාගතය සුබවාදී කරන්න පුළුවන්.පෞද්ගලික ප්‍රවාහන සේවයේදී යම් වැරදි සිදුවන බව අපත් පිළිගන්නවා.සමහර බස් රථවල "පෙති ගහන" කුඩු ගහන, අයිස් ගහන රියැදුරන් ඉන්නවා.ඒක බීමත් රියදුරාටත් වැඩිය භයානක තත්ත්වයක්.එවැනි අය පරීක්ෂණයකට භාජනය කරන්න ක්‍රමවේදයක් අවශ්‍යයි.
මේ වගේ රියැදුරන් ඉන්නේ ඉතා අඩු ප්‍රතිශතයක්. මේ ව්‍යසනය දැන්ම නතර කළේ නැතොත් ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න වෙනවා.එමෙන්ම ත්‍රිරෝද රථ වලින් වාහන ක්ෂේත්‍රයට විශාල සේවයක් වෙනවා. ඒ අය ඇගයීමට ලක් කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

