(රංජිත් රාජපක්ෂ)
නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා තේරිපත් වූ අතර උප සභාපති ලෙස සමගි ජන බලවේගයේ නඩරාජා සිවකුමාර් මහතා මහතා වැඩි ඡන්ද 12 ක් ලබා ගනිමින් තේරිපත් විය.
උපසභාපතිවරයා වශයෙන් තරග කළ ලංකා කම්කරු කොංග්‍රසයේ කනපති කුලන්දවේල් රවී මහතා පරාජය විය. ඔහු ලබා ගත්තේ ඡන්ද හතක් පමණි
මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින පෙරවරු 09:00ට නෝර්වුඩ් පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.
උපසභාපතිවරයා තේරිමෙදි ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ස්වාධීනව කටයුතු කර ඇත.
සියයට 50ක ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ සභාවල බලය බලා ගැනීමට ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජාතික ජන බලවේගය එකට එක්වි කටයුතු කළ අතර, නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරිමේදි සමගි ජන බලවේගය නියෝජනය කරන දමිළ ප්‍රගතිශීලි සංධානයේ පලනි දිගම්බරම් මහතා නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමේදි ලංකා කම්කරු කොංග්‍රසයට එරෙහිව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා තෝරා පත් කර ගැනීමට සහයෝගයට ලබා දී ඇත.
උප සභාපතිවරයා තොරා පත් කරගැනිමේ ඡන්දයේදි ජාතික ජන බලවේගයේ සභිකයන් සමගි ජන බලවේගයේ නඩරාජා සිවකුමාර් මහතා තෝරා පත් කර ගැනිමට සහයෝගය දක්වන ලදී.