කිසියම් අපහසුතාවක් ඇත්නම් රෝහල්ගත වන්න


(යොහාන් භාසුර)

‘කොවිඩ්’ ආසාදිතව නිවසේ සිටින රෝගියකුට කිසියම් අපහසුතාවක් ඇත්නම් රෝහල්ගත වීම අනිවාර්ය යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පරීක්‍ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රධානී විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

රෝහල්ගත වීමට පැමිණෙන ඕනෑම රෝගියකු බාරගත යුතු බවට රෝහල් ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවත් එය රෝහල් කාර්ය මණ්ඩලයේ වගකීමක් බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියයි.

තාවකාලික ස්ථානවල පදිංචිව සිටින පුද්ගලයන් එම ස්ථානවලම රැදී සිටීම වඩාත් යෝග්‍ය බවත් නිවෙස්වලට හෝ ස්ථාර පදිංචි ස්ථානවලට යෑම රෝගය පැතිරවීමට අනුබලයක් බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීය.

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ වර්ෂාව හේතුවෙන් ආපදාවලට ලක්වීමේ වැඩි ඉඩක් ඇති බවත් ජනතාව ඒ පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත්ය.