(යොහාන් භාසුර)
කිව්.ආර්. කේතය හරහා ඉන්ධන නිකුත් කිරීමේ දැනට පවතින ඉන්ධන කෝටාව මෙම සතියේ ද ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මාස ගණනක් පැවැති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට පසුගිය සතියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළ අතර ඒ අනුව යතුරුපැදියක් සඳහා පැවැති ලීටර 4 ක කෝටාව 7 ක් දක්වා ද, ත්‍රිරෝද රථයක ලීටර 5 ක කෝටාව 8 ක් දක්වා ද, කාර් සහ වෑන් රථ සඳහා පැවැති ලීටර 20 ක කෝටාව 30 ක් දක්වා ද ලෙස සියලුම වාහනවල කෝටාව ඉහළ දැමීය.
ඉන්ධන කිව්.ආර්. කේතයේ නව සතිය අද (18) මධ්‍යම රාත්‍රීයෙන් පසුව ක්‍රියාත්මක වේ.

