(යොහාන් භාසුර)
කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම පරීක්‍ෂාවක් ලෙස කොළඹ ස්ථාන කීපයකදී අනිද්දා (21 වැනිදා) සිට 24 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (19) පස්වරුවේ පැවසීය.
එම වැඩසටහන අනිද්දා (21) සිට රටපුරා ක්‍රියාත්මක නොවන බවත් ලබන 25 වැනිදා සිට රටපුරා ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.
කිව්.ආර්. සංකේතයේ ලියාපදිංචි වූ පුද්ගලයන් සංඛ්‍යාව අද පස්වරුව වන විට මිලියන 2 ක් බවත් වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට අනුව ඉන්ධන ලබාගත හැකි දිනයන් වෙනස් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.
වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 0, 1 සහ 2 නම් අඟහරුවාදා සහ සෙනසුරාදා ද, 3, 4 සහ 5 නම් බ්‍රහස්පතින්දා සහ ඉරිදා ද, 6, 7, 8 සහ 9 නම් සඳුදා, බඳාදා සහ සිකුරාදා ද, ඉන්ධන ලබාගැනීමට දින වෙන්කර තිබේ.