
(යොහාන් භාසුර)
කිව්.ආර්. කේතයෙන් බැහැරව ඉන්ධන නිකුත් කළ ඉන්දියන් ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) අයත් ඉන්ධන පිරවුම්හල් 26 ක ඉන්ධන අළෙවිය අත්හිටුවීමට කටයුතු කළ බව එම සමාගම පවසයි.
කිව්.ආර්. කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම කරන ලෙස මෙම පිරවුම්හල්වලට අවස්ථා කීපයකදී දැනුම්දී තිබුණ ද එයට අනුගත නොවීම නිසා අළෙවි අත්හිටුවීමට සිදුවූ බවත් එම පිරවුම්හල් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යංශයෙන් ද දැනුම්දීමක් කර තිබූ බවත් එම සමාගම වැඩි දුරටත් කීය.
කිව්.ආර්. කේතයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමේ චෝදනාවට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 40 ක බලපත්‍ර තහනම් කිරීමත් සමඟ අයි.ඕ.සී. පිරවුම්හල් පිළිබඳව ලැබුණු පැමිණි ලැබුණු බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

