කිරිපිටි මිල ඉහළ දාන්න දෙන්නෙ නෑ


(යොහාන් භාසුර)

කිරිපිටි මිල රුපියල් 200 කින් පමණ ඉහළ දැමුවහොත් දැන් පවතින කිරිපිටි හිඟයක් නැති වන බවත් එසේ මිල ඉහළට දැමීමට අවසර නොදෙන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කොරෝනා වසංගතත් සමඟ සමස්ත ලෝකයේම සැපයුම් ජාලය කඩාවැටීමෙන් ප්‍රවාහන සහ නැව් ගාස්තු ඉහළ ගොස් ඇති බව කී අමාත්‍යවරයා පැවසුවේ මිල වැඩිකිරීමට අවසර නොදීම හේතුවෙන් කිරිපිටි ආනයනය නොකිරීම මෙම තත්වයට හේතුව බවයි.

කිරිපිටි කුඩා පැකට්ටුවක් හෝ මිලදී ගැනීමට නොමැති තත්වයට වෙළෙඳපොල තුළ දැඩි ලිරිපිටි හිඟයක් මේ වන විට ඇති වී තිබේ.