(විනීතා එම් ගමගේ)
රටේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සියලු දෙනා ඉකුත් 9 වැනිදා අරලිය ගහ මන්දිරය වෙත කැඳවුවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද එය අනිවාර්යයෙන් සම්මත කළ යුතු යැයි ද කියමින් කිසිවෙකුටත් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.
මෙම තත්ත්වය මත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් පිටු 9 කින් යුත් දිර්ඝ ලිපියකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවීමට විජේදාස රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.










