(ඉන්දිකා රාමනායක)
කින්නියා කුරුඤ්ඤකේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීමෙන් පුදුගලයන් හය දෙකනු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාලම් පාරුවේ හිමිකරු සහ පාරුව ක්‍රියාකරුවන් දෙදෙනා ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හිමිකරු සහ ක්‍රි්යාකරුවෙක් සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් අද පෙරවරුවේ ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසියට බාර වී ඇති බවත්, සෙසු පාරු ක්‍රියාකරු සිද්ධයෙන් තුවාල ලබා කින්නියා රෝහලට ඇතුළත් කර සිට ඊයේ රෝහලින් බැහැර වු අවස්ථාවේ කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත

