කැස්බෑවේ ඇඟලුම් හලකින් ඩෙල්ටා රෝගීහු පහක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැස්බෑව ජබුරලිය ලූල්වල පාර පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවකයන් වෙනුවෙන් සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණවලින් ඩෙල්ටා වයිරසය ආසාදිත රෝගීන් 5 කු ඇතුළු ආසාදිතයන් 120 දෙනකු හඳුනාගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

එම කර්මාන්තශාලාවෙන් ඩෙල්ටා ආසාදිත රෝගියෙකු හමු වීමත් සමඟම පෙරේදා 19 දින කර්මාන්ත ශාලාවේ අංශ කීපයක සේවක සේවිකාවන් 166 දෙනකු පි.සි.ආර්.පරීක්ෂණ යොමු කර ඇති අතර එයින් 109 දෙනකුට කොරෝනා බවට තහවුරු වී ඇත.

සේවක සේවිකාවන් අතරින් 20 කුගේ ජෛව පටල සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත  යොමු කරන ලද සේවක සේවිකාවන් විසි දෙදෙනාගේ ජෛව පටල සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එයින් 11 කුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇති බවට අනාවරණය වී තිබිණි.