කැස්බෑව හෝටල් හිමි ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ) 

කැස්බෑව හෝටල් හිමිකරුවකු වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ හිසට පොල්ලකින් පහර දී ඝාතනය කර රන් භාණ්ඩ හා මැණික් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර හිටපු යුද  හමුදා සෙබලා සහ අනෙක් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මම 29 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.       

එදිනට සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් වරයා වැඩිදුරටත් නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ  පොළොන්නරුව යාය 3 ගිරිතලේ පදිංචි හිටපු හමුදා සෙබලෙකු වූ රන්කොත් ගෙදර ජිනේශ් මහින්ද කුමාර (32) හා ආරච්චි කට්ටුව මදුරන් කුලිය පදිංචි මිහිදු කුලසූරිය ජූඩ් සුමිත් පීරිස් (25) යන දෙදෙනායි.

මනුෂ්‍ය ඝාතනය ,කොල්ල කෑම ,සොර බඩු ළඟ තබාගැනීම ,සොරබඩු බැහැර කිරීම යන චෝදනා යටතේ  සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයේ  නිලධාරීන් විසිනි.