කැලෑ ඇඳුම් මැහුව ටේලර්ට වැඩ වරදියි


(ගයාන් සූරියආරච්චි සහ ගම්පහ තිලකරත්න දිසානායක)

නිසි අවසරයකින් තොරව පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් කැලෑ ඇදුමට සමාන ඇඳුම් කිහිපයක් ගම්පහ ප්‍රදේශයේ පාසලක පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමකට මසා දුන් බව කියන මැහුම්කරු රෙදි හා මැසීම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසියට බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර නගරයේ රෙදි ඇතුළු ඇදුම් මසන ස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයකු බව පොලිසිය කියයි.

ගම්පහ ප්‍රදේශයේ පාසලක පැවැත්වූ ක්‍රීඩා උත්සවයකදී පොලිස් විශේෂ කාර්ය බළකාය සටන් සදහා භාවිත කරනු ලබන කැලෑ නිල ඇදුමට සමාන ඇදුම් සන්තකයේ තබාගෙන එම පාසලේ පොලිස් ශිෂ්‍ය භටයන්ට ඇදුම් මසා දී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.