(යොහාන් භාසුර)
‘නැප්තා’ නොමැතිවීමෙන් ඊයේ (22) පෙරවරුවේ වසා දැමූ කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු අද පෙවරුවේ නැවත ආරම්භ කළ බව විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය.
කැලණිතිස්ස විදුලි බලාගාරය දින කීපයක් පවත්වාගෙන යෑම සඳහා ‘නැප්තා’ ලැබී ඇති අතර තවත් ‘නැප්තා’ තොගයක් ලබාගැනීමට මුදල් සපයා ගැනීමට විදුලිබල මණ්ඩලය සාකච්ඡා කරමින් සිටියි.

