කැරට් අලයට යට වුණොත් තරුණ අනාගතය හබක්


(අංජුල මහික වීරරත්න)

තීරණාත්මක මොහොතේ කැරට් අල දේශපාලනයට රැවටුනොත් තරුණ පිරිසට අනාගතයක් නැති වෙන බව එක්සත් ජාතික පක්ෂ උප නායක හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ලංකාවට බලපා තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක් බව කී කාරියවසම් මහතා දේශපාලන ප්‍රශ්න විසඳන්න නම් ඕනෑ තරම් න්‍යායාචාර්යවරුන් සිටින නමුත්  ආර්ථික ප්‍රශ්නය විසඳන්න හැක්කේ  ලෝකය ගැන අවබෝධයක්, පරිචයක් සහ පරිණත දැක්මක් සහ ආර්ථික දර්ශනයක් සහිත නායකයෙක්ට පමණක් බවද පැවසීය.

කැරට් අල මවන අය ආර්ථිකයට සල්ලි පොම්ප  කරන ආකාරයක් කියන්නේ නැතැයි කී කාරියවසම් මහතා සුරංගනා කතා කියමින් ජනතාව තවදුරටත් රවටන ක්‍රමය වහාම නතර කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.