කැබිනට් - රාජ්‍ය ඇමැතිවරු 8 කට විෂයන් පැවරීමේ ගැසට් නිවේදනය එයි


(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් ඇමැතිවරුන් සිවුදෙනෙකුට සහ තවත් රාජ්‍ය ඇමැතිවරුන් සිවුදෙනෙකුට ආයතන හා විෂයන් පවරමින් අද (13) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව මහින්ද අමරවීර , ආචාර්ය බන්දුල ගුණවර්ධන , නිමල් සිරිපාල ද සිල්වා සහ පවිත්‍රා වන්නිආරච්චි යන ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවල ආයතන හා විෂයන් පවරමින් මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

දිලුම් අමුණුගම , ලක්ෂ්මන් යාපා අබේවර්ධන , මොහාන් පී ද සිල්වා සහ විජිත බේරුගොඩ යන රාජ්‍ය ඇමැතිවරුන් සිවුදෙනාට මෙසේ ආයතන හා විෂයන් පවරා තිබේ.

ඒ අනුව අගමැතිවරයාද ඇතුළුව කැබිනට් ඇමැතිවරුන් නව දෙනෙකු රාජ්‍ය ඇමැතිවරුන් 14 දෙනෙකුට මේ වනවිට විෂයන් හා ආයතන පවරමින් ගැසට් නිවේදනව නිකුත් කර ඇත.