
( මංගල එදිරිසිංහ)
හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුලත් කල බැව හොරණ මූලස්ථාන පොලීසිය කියයි.
බේරුවල ධීවර වරායේ සිට හඳ පාන්ගොඩ දක්වා මාළු රැගෙන එමින් සිටි ඩිමෝ බට්ටා රථය සහ අඟුරුවාතොට වරකා ගොඩ ප්‍රදේශයට යමින් සිටි පුද්ගලික වාහනයක් මෙලෙස එකිනෙක ගැටී අනතුරට පත්ව ඇත.
අනතුරට පත්වන අවස්ථාවේ මාලු ලොරියේ ඉදිරි අසුනේ රියදුරු ඇතුළුව තිදෙනකු ගමන් කර ඇති අතර පිටුපස කොටසේ එක් සහායකයෙක් සිට ඇත. ඔවුන් තිදෙනාම තුවාල ලබා මූලික රෝහලට ඇතුලත් කර ඇත.
මාළු රැගෙන පැමිණි ඩිමෝරථයේ රියදුරට නින්ද යාම නිසා පාරෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි කැබ් රථයේ ගැටී මෙම අනතුරු සිදුවන්නට ඇතැයි හොරණ පොලිසියේ රථවාහන අංශය පවසයි.

