(රොමේෂ් මධුෂංඛ)
කැබ් රථයක් පාපැදියක ගැටී වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාල භූමියට ද කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් අද(05) පාපැදියේ ගමන්ගත් කාන්තාවක් මිය ගොස් ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ ඇගේ දියණිය රෝහල් ගතකර ඇති අතර, ඇගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මිය ගොස් ඇත්තේ වවුනියාවේ පදිංචි අවුරුදු 36 ක් වයසැති එස්. පුෂ්පරාණි නමැති තිදරු මවකි.
කැබ් රථයේ රියැදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව පාපැදියේ ගැටී ඇති බවත්, එම අවස්ථාවේදී පාපැදියේ ගමන් කරමින් සිටි කාන්තාව සහ ඇගේ දියණිය අනතුරට ලක්ව ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසි පවසයි.
අනතුර සම්බන්ධයෙන් කැබ්රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



