කැපුම් තුවාල සහිත කාන්තාවක් තංගල්ලෙන් හමුවෙයි


(අනීෂා මානගේ)

තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ නිවෙසකදී  බරපතළ කැපුම් තුවාල සහිත කාන්තාවක් සහ එම නිවෙසේම  කාමරයක එල්ලෙමින් තිබූ පිරිමි සිරුරක් අද (19) හමුවූ බව තංගල්ල  මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙකි. තුවාල ලැබූ බව කියන කාන්තාව දෙදරු මවකි. 

බරපතල තුවාල ලැබ ඇති බව කියන කාන්තාව තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.