(විජේරත්න රත්නායක )
කොරෝනා ව්‍යසනය හේතුවෙන් මුළු රටම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් හා ඇතැම් වෙළෙන්ඳන් විසින් මෙරට පාරිභෝගිකයින් ගසා කන බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව අද (25) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එහි දැක්වුයේ කොළඹදී රුපියල් 400.00 ක් වැනි මිලකට අලෙවි වූ එළවළු කිලෝ එකක් කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේදී ගොවීගෙන් මිලදී ගෙන ඇත්තේ රුපියල් 12.00– 30.00 අතර මිලකට වන අතර අතරමැදියා විසින් විශාල මුදලක් ගසා කන බව මේ අනුව පැහැදිලිව පෙනී යන බවයි.
මේ පිළිබඳව අදාළ ප්‍රදේශයේ ගොවි සංගම් විසින් සිය සංවිධානය දැනුවත් කර අතර රජය මේ අවස්ථාවේ මේ සඳහා මැදිහත් වී එළවළු ගොවියාට සාධාරණ මිලක් ලබා දී පාරිභෝගිකයාටද සාධාරණ මිලකට එළවළු ලබාදීමට කටයුතු කරන ලෙස මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දක්වා ඇත.

