
(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති දිනයේ පළමු තරගයේදී බී - ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ලකුණු 8 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කය හඹා ගිය ජැෆ්නා පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 170 ක් පමණි.
ඇන්ජලෝ මැතිව්ස් තුන්ඉරියව් දස්කම් දක්වමින් කැන්ඩි පිලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. මැතිව්ස් ආරම්භක පන්දුයවන්නා වෙමින් ලකුණු 10කට කඩුලු 3ක් දවා ගැනීමෙන් කැන්ඩි ජයග්‍රහණයට පාර විවෘත විය.
බී - ලව් කැන්ඩි පිල ඕවර 20 කදී කඩුලු 8 ට 178 ( මොහොමඩ් හාරිස් 81, ෆකාර් ශාමන් 22, ඇන්ජලෝ මැතිව්ස් 22, වනිදු හසරංග 19, නුවන් තුෂාර 31/3, දුනිත් වෙල්ලාලගේ 43/2, ඩිල්ෂන් මධුශංක 31/2)
ජැෆ්නා කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 170 (ෂොයිබ් මලික් නොදැවී 55, ඩේවිඩ් මිලර් 24, තිසර පෙරේරා 36, ඇන්ජ්ලො මැතිව්ස් 10/3, නුවන් ප්‍රදීප් 48/2)


