කැන්ඩි ක්‍රීඩකයෝ පළමු ජය ලබති


(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 හයවැනි තරගය ලෙස පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (4) පැවැති දිනයේ පළමු තරගයේදී බී - ලව් කැන්ඩි ක්‍රීඩකයෝ කඩුලු 7කින් දඹුල්ල අවුරා පිල පරාජය කිරීමට සමත් වූහ.

බී - ලව් කැන්ඩි පිල පළමු තරග දෙක පරාජය වීමෙන් පසුව ලැබූ පළමු ජය මෙය වේ.

බී - ලව් කැන්ඩි ලකුණු 157 ක ඉලක්කය ඕවර 18.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

දිනේෂ් චන්දිමාල් පන්දු 29 කින් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 48 ක් රැස්කරමින් මහනුවර පිල ඔසවා තිබීය.

ධනංජය ද සිල්වා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 39 කින් රැස්කළ ලකුණු 61 ත් සමඟ දඹුල්ල අවුරා පිල හිස එසවීය. ධනංජයගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය.  

දඹුල්ල අවුරා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 156 (අවිෂ්ක ප්‍රනාන්දු 32, ධනංජය ද සිල්වා 61, ඇලෙක්ස් රෝස් 21, මුජූබූර් රහමන් 17/2, ඉසුරු උදාන 33/2) බී - ලව් කැන්ඩි පිල ඕවර 18.3 කදී කඩුලු 3 ට 160 (ෆකාර් ශාමන් 28, දිනේෂ් චන්දිමාල් 48, කමිඳු මෙන්ඩිස් 18, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 28, අසීෆ් අලී නොදැවී 16, ධනංජය ද සිල්වා 16/1, හයිඩන් කීර් 28/1)