කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝට එරට ඔන්ටාරියේ නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටියදී උද්ඝෝෂකයන්ගෙන් ගල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී.
ලබන 20 වැනිදාට යෙදී තිබෙන කැනඩා මහමැතිවරණය වෙනුවෙන් ඔහු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වෙමින් සිටින අතරවාරයේ සිය ප්‍රචාරක බස් රියට ආපසු යමින් සිටියදී ඔහුට මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි සදහන් වේ.
කුඩා ගල් කැට ඔහු වෙතට එල්ල වූ නමුත්, ඔහුට තුවාළ සිදුවි නොමැත.නමුත් උද්ඝෝෂකයින් වෙතින් පැමිණි එක් ගලක් උරහිසට වැදුණු බව ඔහු පසුව එරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත..
මීට පෙර 2016 වසරේදී ජස්ටින් ටෘඩෝට කාන්තාවක් විසින් වට්ටක්කා ඇටවලින් පහර දීමේ සිද්ධියක් වාර්තා විය.
සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයේදී ඔහුගේ මධ්‍ය වාමාංශික ලිබරල් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාදීම සඳහා ඔහු කෝවිඩ්-19 තත්වය නොසලකා කාර්ය බහුල වී සිටියි.
මේ හා සමගාමීව කෝවිඩ්-19 එනන්ත්කරණය සහ කෝවිඩ් සංචරණ සීමාවන්ට එරෙහි විරෝධතාවලට ද ඔහුට මුහුණ දෙන්නට සිදුව තිබේ.
පසුගිය සතියේදී කෝපයට පත් විරෝධතාකරුවන් පිරිසක් කඩා වැදීම හේතුවෙන් ඔහුට එක ඡන්ද රැස්වීමක් අවලංගු කිරීමට ද සිදුව තිබිණි. ලෝකයේ ලිබරල්ම නායකයෙකු හා ආදරණීය රාජ්‍ය නායකයෙකු ලෙස ජස්ටින් ටෘඩෝ ප්‍රචලිතව සිටී.
(හින්දුස්ථානී ටයිම්ස්)

