කැනඩා සිහිනය පෙන්වා වංචා කළ කතක් අත්අඩංගුවට


( සුමිත් පොතුපිටිය )

කැනඩා යවන බව පවසමින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචාකල ද්විත්ව පුරවැසි භාවය සහිත කාන්තාවක පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළඹේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බවත් , ඇය කැනඩාවේ ගණකාධිකාරි වරියක් ලෙසින් සේවය කරන බවත් පොලිසිය කීය.

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි හතරක් ලැබී ඇති බවත් දිවයිනේ තවත් පොලිස් ස්ථාන රෑසකට පැමිණිලි ලැබී ඇති බවත් උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකාරිය වසර අටක පමණ කාලයක් පොලිසිය මගහරිමින් සැගව සිට ඇති බවත්, වෙනත් පොලිස් කටයුත්තක් සදහා යමින් සිටියදී මාළඹේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සදහන් කරයි.