(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(7) පෙරවරුවේ දැනුම් දුන්නේය .
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා කැටගොඩ මහතා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙමින් බාර දුන් ලිපිය සභාව හමුවේ කියවීය .
කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු ලේකම්වරයාට ඊයේ (6) බාර දුන්නේය .
ජයන්ත කැටගොඩ මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම්දීමට අවස්ථාව ලබාදීම සඳහාය .
මේ අතර මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ කැටගොඩ මහතාට සංස්ථාවක සභාපති ධුරයක් ලබාදීමට නියමිතව ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ .

