කාළගුණික තත්ත්වයට මුහුණ දෙන්න නාවික හමුදාව සීරුවෙන්


(ඩයනා උදයංගනී)

පවත්නා අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් සූදානමින් තබා ඇතැයි ඇතැයි නාවික හමුදාව පවසයි

දකුණු පළාතේ නාවික හමුදා සහන කණ්ඩායම් 04ක් ස්ථානගත කර ඇති අතර දකුණ නාවික විධානය මගින් තවලම, හිනිදුම, ඒප්පල සහ නාගොඩ ප්‍රාද්ශිය ලේකම් කොට්ඨාශයන්හි ස්ථානගත කර ඇත.

එමෙන්ම ක්ෂණිකව ස්ථාන ගත කිරීම සදහා තවත් අමතර ගංවතුර ආපදා සහන කණ්ඩායම් 08ක් සූදානමින් ලබා ඇතැයි දකුණු නාවික විධානය සඳහන් කරයි.

මීට අමතරව දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට බටහිර නාවික විධානයෙහි සහන කණ්ඩායම් 26ක් ද, උතුරු මැද නාවික විධානයෙහි සහන කණ්ඩායම් 05ක් ද සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 18ක් ද මේ වන විට සූදානමින් තබා ඇතැයි නාවික හමුදාව සඳහන් කරයි.