කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු ස්ථානාධිපතිට වැඩ වරදී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පැමිණිල්ලක් කිරීමට පැමිණි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා දුරකතනයෙන් යෝජනා කළ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයෙකු වැඩ තහනමට ලක්කළ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

මෙලෙස වැඩ තහනමට ලක් කරනු ලැබුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මුහුණ පොත ඔස්සේ හඳුනා ගත් තරුණයෙකුට රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දීමෙන් පසු එම තරුණයා මග හරින බව පවසමින්  මහරගම තරුණියක එම ඒකකය භාර ස්නාධිපතිවරයාට පවසා පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.

එකි පැමිණිල්ල වාසි දායක අයුරින් විසඳා දෙන බව පවසා මෙම ස්ථානාධිපතිවරයා එම තරුණියට නොයෙක් යෝජනා කරමින් නිතර නිතර දුරකතන ඇමතුම් ලබාදීම හේතුවෙන් ඒ පිළිබඳව උසස් පොලිස් නිලධාරියෙකුට කරන ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරීවරයෙකු කරන ලද විමර්ශනයකින් අනතුරුව වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.