කාන්තා - ළමා කටයුතු ලේකම් පත් කරයි


(අංජුල මහික වීරරත්න) 

ජනාධිපති අනුර කුමාර දිසානායක  විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (02) ජනාධිපති කාර්යාලයේදී කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය වෙත බාර දුන්නේය.