(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්‍රීඩා සංගම් නියාමනය සඳහා පනත් කෙටුම්පතක් ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් මේ දිනවල ලොකු කතා බහක් ඇතිවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

