ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනියි


(මනෝප්‍රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහල පෙරේදා රාත්‍රීයේ ගිනි ගත් අතර එහි 24 වැනි මහල අද (07) රාත්‍රීයේ ගිනි ගත් බව වාර්තාවේ.

ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැය 07 පමණ කාලයක් පුරා දැරූ වෙහෙසකින් පසු පෙරේදා රාත්‍රීයේ ගිනි ගැනීමට ලක් වු 35 වැනි මහලේ ගින්න මැඩපැවැත්වීමට හැකියාව ලැබී තිබිණී.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බවට රාත්‍රී 7.00ට පමණ කොළඹ නගර සභා ගිනි නිවීම් ඒකකයට ලැබුණු ඇමතුමකට අනුව ගන්න නිවීම ස`ඳහා ගිනි නිවීම් රථ 07ක් යෙදවු බව එහි ප්‍රකාශයකු පැවසීය.