(සමන් පාලිත නානායක්කාර)
පැවති ධාරාණිපාත වර්ෂාව සමඟ කළුපහන වෙල්යායට ජලය සපයන අවුකන ඇළ අද (14) කැඩී ගොස් ඇතැයි ද ඉන් පිටවන ජලය දැඩි බෑවුමක් ඔස්සේ ප්‍රධාන මාර්ගයට ගලා එන බවද හල්දුම්මුල්ල පොලිසිය කියයි.
අවුකන ඇල කැඩී එන ජල පහර වෙනතකට හරවා මාර්ගයට ඇති වන අවහිරතාව තවකාලිකව වැළැක්වීමට පියවර ගත් බවද හල්දුම්මුල්ල පොලිසිය කියයි.
යල මහ දෙකන්නය අස්වද්දන කළුපහන අක්කර 23ක කුඹුරු යායකට කිලෝමීටර් හතරහමාරක් දිග අවුකන ඇළ මගින් ජලය සැපයේ.
අවුකන ඇළ කැඩී ජලය පිටාර ගැලීම හේතුවෙන් කළුපහන නාය මඩිත්ත කන්ද නාය යාමේ දැඩි අවදානමක් මතුවී ඇති බවද එසේ වුවහොත් කොළඹ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය එම ස්ථානයෙන් අවහිර වන බැවින් කඩිනම් විසඳුමක් ලබාදීමට අවශ්‍ය වන බව ද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ජයිකා ආධාර යටතේ මෙම ඇළ කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය .

