කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ්


(සුමිත් පොතුපිටිය)

කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජුනි 9 දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය අද (26) නියෝග කළාය.

දැරිය පස්මහල් ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමග කාමරයේ සිටී බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන සැක කරුවන්වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි තරුණයා සහ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැව්රිදි තරුණිය සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය පදවාගෙන ගිය බව කියන බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි 19 හැව්රිදි තරුණයකු මෙසේ රිමාන්ඩ් කෙරිණි.