කළුතර ප්‍රා. සබේ මන්ත්‍රී ඇතුළු 9 ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මොරොන්තුඩුව කුඩාගෝනදුවසහ තුඩුවප‍්‍රදේශවල නිවාස දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන්ට තර්ජනය කිරීම සහ කාන්තාවකට පහරදුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර ප‍්‍රාදේශීය සභා පොදුජන පෙරමුණ මන්ත්‍රී මනෝජ් ඒකනායක මහතා ඇතුළු නවදෙනෙකු අද(15) අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට පත්වුවන් අතර කාන්තාවන් හත්දෙනෙකු ද සිටිනබව පොලිසිය කියයි.

නිවැසියන් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 
 
ඉකුත් 06 ප‍්‍රදේශවාසීහු පිරිසක් මොරොන්තුඩුව ප‍්‍රදේශයේ පවුල් දෙකක සාමාජිකයින් මත්ද්‍රව්‍ය අලෙවිකර ගම විනාශකරන බව පවසමින් එම නිවෙස් දෙකට කඩා වැදී සිය විරෝධය පළකළහ.
 
එම සිද්ධිය සැලවී පැමිණෙමින් සිටි එම පවුල්වලට හිතවත් කාන්තාවකට ද කාන්තාවෝ පිරිසක් පහරදුන්හ.
 
ඒ හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
සැකකරුවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.