
(යොහාන් භාසුර)
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (25) පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
එදින පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
වාද්දුව,වස්කඩුව,පොතුපිටිය,කළුතර, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල, දර්ගානගරය, අළුත්ගම, පිලමිනාවත්ත, කළුවාමෝදර, මොරගොල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.

