කළුතර දී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි


(සුමිත් පොතුපිටිය)

කළුතර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී අද දහවල් මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් සහ පාසල් සිසුවෙකු ගමන්කර ඇති අතර, කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලිසිය කීය.

පෞද්ගලික උපකාරක පංතියක් නිමවා ගුරුවරයා තවත් සිසුවෙකුව නංවාගෙන  මෝටර් රථයෙන් මුහුදු බඩ දෙස සිට ගොඩබිම දෙසට ගමන්කර ඇති අතර, කළුතර සිට මරදාන බලා ධාවනයවූ දුම්රියේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.

මෝටර් රථය දුම්රියේ ගැටී විසිවී ඇති අතර මෝටර් රථයට හානි සිදුව තිබේ.

කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති.