කළුගලින් පහළට වැටී ගොවියා මරුට


(බුලත්සිංහල ලක්මි කුඩලිගම)

අන්නාසි ගසක් ගැලවීමට ගිය අගලවත්ත පිඹුර ප්‍රදේශයේ පුද්ගලයකු ගල් තලාවකින් ප්‍රපාතයකට ඇද වැටි මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය සඳහන් කරයි.

මෙසේ මිගොස් ඇත්තේ අගලවත්ත පිඹුර බඹරන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වලකඩ අප්පුහාමිලාගේ සුජීව ඉන්දික ගුණතිලක නමැති 47 හැවිරිදි දෙදරු පියෙකු බවත් මියගිය පුද්ගලයා ඔහුට අයත් තේ වගාකළ ඉඩමක  වල් නෙළීිමට ගිය අවස්ථාවේ ගලක් මත තිබු අන්නාසි ගසක් ගැලවීමට උස්සාහ කර ඇති බවත් ඒ අවස්ථාවේ අන්නාසි ගස ගැලවී අඩි 7ක් පමණ උස ගල් තලාවෙන් ප්‍රපාතයකට ඇද වැටී හිස ගලක වැදි සිදු වූ බරපතල හානි හේතුවෙන් පිඹුර රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පැවසීය.

ඔහුගේ බිරිඳ ඒ අවස්ථාවේ එම ස්ථානයේ සිට ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා පිඹුර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. මල සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුතර නාගොඩ මහ රෝහලට යොමු කළ බව පොලිසිය පැවසීය.