(සුමිත් පොතුපිටිය)
කළු ගගේ මුහුණ සේදීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බවට ලද සාක්ෂියක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර උතුර පොලිසිය පවසයි.
මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පැමිණිල්ල සිදුකළ පුද්ගලයා කළුතර පාලම් දෙක අතර තලව්ව කොටසේ රැඳී සිටියදී පාලම යට මුහුණ සෝදමින් සිටින පුද්ගලයකුව කිඹුලා හිසෙන් ඇදගෙන යන ආකාරය දුටු බවට සාක්ෂියේ සටහන්ව ඇතැයිද පොලිසිය කීය.
අතුරුදන් පුද්ගලයාගේ බවට සැකකරන බෑගයක තිබී හැදුනුම්පතක සහ බැංකු පාස්පොතක පිටපත් පොලිස් භාරයට ගත්බවද පොලිසිය සදහන් කරයි.
බැංකු පාස්පොතෙහි සහ හැදුනුම්පත අනුව ඔහු කතරගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු බවට අනුමාන කරන බව පොලිසිය සදහන් කරයි .